BMI ගැන වැඩිදුර දැනගන්න

ශරීර ස්කන්ධ දර්ශකය (BMI)  යනු, ඔබේ සිරුරේ බර මට්ටම සෞඛ්‍ය සම්පන්න ලෙස පවතින්නේ ද යන්න දැනගැනීම සඳහා ඔබේ උසට සරිලන බර මැනීමේ ක්‍රමයයි. වැඩිහිටියකුගේ බර දැක්වෙන කිලෝ ග්‍රෑම් ප්‍රමාණය, ඔහුගේ උසෙහි වර්ග මීටර ගණනින් බෙදා ශරීර ස්කන්ධ දර්ශකය ගණනය කෙරේ. උදාහරණයක් ලෙස ශරීර ස්කන්ධ දර්ශකය 25 යනුවෙන් අදහස් කරන්නේ, 25 kg/m2 වේ.

ශරීර ස්කන්ධ දර්ශක කාණ්ඩය:

අඩු බර –  <18.5 kg/m2 (ඔබගේ ශරීර බර උසට අනුව තිබිය යුතු  සාමාන්‍ය නිර්දේශිත බර ප්‍රමාණයට වඩා අඩුය. ඔබේ සිරුරට පෝෂදායි ආහාර මෙන්ම ප්‍රමාණවත් ව්‍යායාම ලබා දිය යුතුය.)

සාමාන්‍ය බර – 18.5 kg/m2 –22.9 kg/m2  (ඔබගේ බර උසට අනුව තිබිය යුතු සාමාන්‍ය නිර්දේශිත බර මට්ටමෙහි පවතී. නිසි ආහාර හා ප්‍රමාණවත් ව්‍යායාම ලබා ගනිමින්, මෙම බර මට්ටම අඛණ්ඩව පවත්වා ගන්න.)

බර වැඩි වීමේ අවදානම – 23 kg/m2 -24.9 kg/m2 (ඔබගේ බර මට්ටම උසට අනුව තිබිය යුතු සාමාන්‍ය නිර්දේශිත බර මට්ටම තුළ පැවතියද, එය වැඩි වීමේ අවදානමක් පවතී. බර අඩු කිරීම සඳහා වැඩිපුර ව්‍යායාම් වල නිරත වෙමින් නිවැරදි ආහාර ක්‍රමවේද අනුගමනය කරන්න.)

 අධි බර  – 25 kg/m2 – 29.9 kg/m2 (ඔබේ බර උසට අනුව තිබිය යුතු අනුමත බර මට්ටමට වඩා ඉහළ අගයක පවතී. දියවැඩියාව හා හෘද රෝග වැනි රෝග තත්ත්වයන් ඇති වීමට මෙය හේතු කාරණයක් විය හැකිය  ඒ නිසා වැඩිපුර ව්‍යායාම වල නිරත වෙමින් නිවැරදි ආහාර ක්‍රමවේද අනුගමනය කරන්න.)

ස්ථුලතාව – ශරීර ස්කන්ධ දර්ශකය 30 kg/m2 හෝ ඊට වැඩි (ඔබගේ ශරීර බර අනුමත අගයට වඩා ඉතා ඉහළ අගයක් ගන්නා අතර,  දියවැඩියාව හා හෘද රෝග වැනි රෝග තත්ත්වයන් ඇති වීමට මෙය හේතු කාරණයක් විය හැකිය. වැඩි වශයෙන් ව්‍යායාම්වල නිරත වෙමින් නිවැරදි ආහාර ක්‍රමවේද අනුගමනය කරමින් ශරීර බඩ බර අඩු කර ගන්න.)

BMI ගණනය කරන්න

BMI ගණනය කරන්න

Underweight
UNDERWEIGHT
< 18.5
Normal
NORMAL
18.5 – 22.9
Risk to Overweight
RISK TO OVERWEIGHT
23 – 24.9
Overweight
OVERWEIGHT
25 – 29.9
Obese
OBESE
30+